සියලු ම අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද(11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමග මෙම පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.
මේ අතර සියලු ම අන්තර් පළාත් ලංගම බස් ගමන් වාර ද ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේය.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණය සීමා කිරීමට රජය ගත් තීරණයත් සමග මේ පියවර ගත් බවයි.
කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති පළාත් සංචරණ සීමා අනුව අද(11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය කෙරෙන්නේ පළාත් තුළ පමණක් බව දුම්රිය ගමනාගමන අධිකාරිවරයා ද ප්‍රකාශ කළේය.