ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – මාස 03ක බිළිඳියක් කොරෝනා වෛරසයට බිලිවෙයි..


ගෙවුණු දිනය (10) තුළ කොවිඩ් අසාදිතයින් 2,624 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගිය දෙවන දිනය ලෙස සටහන් වේ.

ඊයේ (10) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 51 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ (10) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 551 ක් ලෙස දැක්වේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 321 දෙනෙකු ද වාර්තා වේ.

අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 26 ක් වාර්තා වී ඇති අතර එය දිනක් තුළ මෙරටින් මියගිය වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.

මිය ගිය පිරිස අතර වත්තේගම පදිංචි තෙමස් වියැති බිළිඳියක ද වන අතර ඇය පසුගිය 09 වනදා මියගොස් ඇත්තේ, මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  කොවිඩ් නියුමෝනියාව සහ බහු ඉන්ද්‍රීය අක්‍රියවීම හේතුවෙනි.

ඉතිරි මරණ 25 වාර්තා වී ඇගාල්ල, හෙට්ටිපොළ, පල්ලේවෙල , මහනුවර, මතුගම, පාදුක්ක, නෑබඩ (මරණ දෙකයි), යාපනය (මරණ දෙකයි), මීගහගොඩ, කළුතර , අකුරැස්ස, මොරොන්තුඩුව, කළුතර, අනුරධපුරය, කොළඹ – 6, කලුඅග්ගල, මොරටුව, මල්වාන, බොරැල්ල, කොළඹ- 15, කඳාන, මාස්වෙල, වත්තේගම, මාලඹේ යන ප්‍රදේශ වලින් වේ . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගියේ ය.

කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 128,530
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 10 ,5611
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 22,092
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 827

Leave a Reply

Your email address will not be published. Required fields are marked *