ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක සිට පැමිණෙන ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව කොරෝනා වෛසරය පැතිරීම වැළැක්වීමේ පූර්ව පියවරක් ලෙස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙලෙස කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
එරට රාජ්‍ය පුවත් ඒජන්සිය උපුටා දක්විමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ,අදාළ රටවල සිට යම් පුද්ගලයෙකු කුවෙට් රාජ්‍යයට පැමිණෙන්නේ නම්, ඔහු හෝ ඇය දින 14ක් වෙනත් රටක සිට කුවේටයට පැමිණෙන්නේ නම්, ඊට අවසර ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත් මෙම තීරණය භාණ්ඩ ප්‍රවාහනය අදාළ නොවේ.