හෙට (13) රාත්‍රී 11 සිට ක්‍රියාත්මක වන පරිදි සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා මුළු රටටම බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක් පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම ගමන් තහනම එළඹෙන සදුදා දිනය එනම් මැයි 17 වැනිදා දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපතිවරයා කියා සිටියේ.
එහි දී රාත්‍රි 11 සිට අලුයම 04 දක්වා සියලුම පුද්ගලයින්ට නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳී සිටීමට සිදුවන බව ද ආහාර, ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහන සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන්වලට මෙම සීමා කිරීම් බල නොපැවැත්වෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෙසේ වෙතත් ඔහු කියා සිටියේ බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ගමන් කිරීමට අවසර හිමිවන බවයි.
මේ අතර දිවයින පුරා පිහිටි මත්පැන් අලෙවි හල් හා තැබෑරුම් සෑම දිනකම සවස 6.00 ට වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.