ඉදිරි දින තුන තුළ එනම් අද (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමේදී ජනතාවට හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් හෝ ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එහි දී අත්‍යවශ්‍ය ම කටයුතු සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවසර හිමිවන අතර, රෝහලක් වෙත හෝ ඖෂධ මිල දී ගැනීමක් සඳහා පමණක් අවසර හිමිවන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ඉදිරි දින තුන තුළ කඩ සාප්පු විවෘත කිරීම කිසිසේත් සිදුකළ නොහැකි බවත් ඔසුසැල් පමණක් විවෘතව පැවතිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඒ මහතා සඳහන් කළේ, එළඹෙන සඳුදා (17) දිනයෙන් මෙම සංචරන සීමා අවසන් වීමෙන් පසුව හැඳුනුම්පත් ක්‍රමවේදය අනුව නිවසින් බැහැරව යා හැකි බවයි.