ලොවපුරා සිටින ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියකින් හා සහෝදරත්වය පෙරදැරිව සමරන රාමසාන් දිනය අදට (14) යෙදී තිබේ.
රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරනු ලබයි.
එහි දී, රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට පෙන්වූ සංහිඳියාව සමස්ත ඉස්ලාමීය ලෝකයට අප පෙන්වූ වටිනා ආදර්ශයක් බවත් මුළු මහත් ලෝක ජනතාවගේ ප්‍රාර්ථනයත්, කැපවීමත් පවතින වසංගතයෙන් නිදහස් වූ සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා රාමසාන් සමය ඒ සඳහා ඉවහල් කර ගැනීම සිය පණිවිඩයෙන් අගය කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද , රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ආගමානුකූල නිවැරදි ඉගැන්වීම් තුළ ශික්ෂණය ලැබු ඉස්ලාමීය ජනතාවට ඉතිහාසය පුරාවට ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ අනෙකුත් ජාතීන් හා ආගම් සමග අනෝන්‍ය සුහදත්වයෙන් කටයුතු කර ඇති බවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර සඳහන් කරන්නේ, මෙම ව්‍යසනකාරී සමය නිමාවන ලෙස ඉල්ලා ආගමානුකූලව කටයුතුවල යෙදෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රණාමය පුද කරන බවයි.