ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දුර්ලභ කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා ආසාදිතයින් 2,000ක් හඳුනාගෙන ඇතැයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ මොහොත වන විටත් කොරෝනා වසංගතයෙන් බැටකමින් දැඩි පීඩාවට පත්ව සිටින එරට, මධ්‍ය ප්‍රදේශ්වලින් ද කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා රෝගීන් 50 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, mucormycosis, යනුවෙන් හඳුන්වන මෙම මාරාන්තික කළු දිලීර ආසාදනය නිසා දිගු කලක් දැඩි සත්කාර ඒකකවල රඳවා සිටින හෝ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ වූ රෝගීන් මරණයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි.
ඒ අනුව මෙම කළු දිලීර රෝගය පෙනහළුවලින් ආරම්භ වී ශරීරයේ අස්ථි හා අනෙකුත් පටකවලට පැතිරෙනු ඇති බව ද එමඟින් ශරීරයේ සියළුම ඉන්ද්‍රියන් අඩපණ තත්වයට, හුස්ම ගැනීමේ අපහසුතාද මාරාන්තික මට්ටමෙන් ඇති වී රෝගීන් මරණයට පත්වන බව සඳහන්ය.
මේ අතරම ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන් අතර මෙන්ම කොරෝනා වැළඳී සුවය ලැබූ පුද්ගලයින්ට මෙම රෝගය වැළඳී ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගෙවුණු දිනය තුළ දී ඉන්දියවෙන් කොවිඩ් ආසාදිතයින් 362,727 හදුනා ගෙන ඇති අතර එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,703,665 ඉහළ ගියේය.
පසුගිය පැය 24 තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 258,317 කි.