මේ දිනවල මෙරට පවතින අයහපත් කලගුණ තත්වය හමුවේ ගංවතුරින් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළ ගංවතුර අවධානමක් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථාන ගතකරමින් එම ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව වෙත අවශ්‍ය සහයෝගය සහ සහන ලබා දෙමින් සිටී.
ඊයේ (14) සවස වන විට හමුදා සහන කණ්ඩායම් 03ක් ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට කටයුතු කෙරිණි.
එහි දී ගම්පහ දිස්ත්‍රික්කයේ කූරවලාන හා බියගම ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් දෙකක් ද ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව ප්‍රදේශයේ එක් සහන කණ්ඩායමක් ද මෙලෙස ස්ථානගත කරන ලදී.
නාවික හමුදාව ප්‍රකාශ කරන්නේ, දිවයින තුළ පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහජනතාවට සහන සැළසීමට හා අවශ්‍යතාවය මත කඩිනමින් ක්‍රියාත්මක වෙමින් අවශ්‍ය ඕනෑම විටක අමතර සහන කණ්ඩායම් යෙදවීමට නාවික හමුදාව සූදානමින් සිටින බවයි.