Headlines

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින්..


    ගෙවුණු දිනය (14) තුළ කොවිඩ් අසාදිතයින් 2,289 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව 2000 සීමාව ඉක්මවා ගිය හයවන දිනය ලෙස සටහන් වේ.

    මේ අතර ඊයේ (14) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 555 ක් ලෙස දැක්වේ.

    ඉන් ආසාදිතයින් 126 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් වීම විශේෂත්වයකි.

    ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 281 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 236 දෙනෙකු ද වාර්තා වේ.

    තව ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 29 ක් වාර්තා වී ඇති අතර එය දිනක් තුළ මෙරටින් මියගිය වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.

    මිය ගිය පිරිස අතරින් 24 දෙනෙකුගේම මරණවලට කොවිඩ් නිව්මෝනියාව හේතු වී තිබේ.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 921 ක් දක්වා ඉහළ ගියේ ය.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 138,085
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 110, 108
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 27,054
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 921

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *