ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙහි අකුණු සැර වැදීමෙන් වන අලි 18 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රාන්තයේ නාගෝන්හි ( Nagaon) රක්ෂිත වනාන්තරයක මෙම අලි 18 දෙනා හට අකුණු සැර වැදීම සිදුව තිබේ.
ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකින් අනතුරුව කළ සෝදිසි මෙහෙයුමකදී මිය ගිය වන අලින්ගේ මළ සිරුර හමුවූ බව එම ප්‍රාන්තයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සඳහන් කරයි.
ඇසෑම් ප්‍රාන්ත පරිසර හා වන සංරක්ෂණ අමාත්‍ය Parimal Suklabaidya පවසා ඇත්තේ, මෙම සිදුවීම පිළිබඳව තමා දැඩි සේ කම්පාවට පත්වන බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රාන්ත රජය නියෝග කළ බවත්ය.

කෙසේ වෙතත් මෙම අලි මිය යාම සම්බන්ධයෙන් මූලික වාර්තාවට අනුව අකුණු සැර වැදීමෙන් මරණ සිදුවිය හැකි නමුත් වස විස හෝ රෝග වැනි වෙනත් හේතුවක් තිබේද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.




