Headlines

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 9 ක පවුල් 11,796කට පීඩා – පුද්ගයින් 04 දෙනෙකු ජීවිත අහිමි වෙයි..

    දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක පවුල් 11, 796 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම පවුල් වල පුද්ගලයින් 46,730 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය පැවසුවේ.

    මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

    එහිදී නිවාස 546කට වැසි සහිත කාලගුණය හේතුවෙන් අර්ධ හානි සිදුව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ වන විටත් දිවයිනේ පවතින  වැසි තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කොළඹ, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළු දිස්ත්‍රික්ක 06 කට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

    මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග සිදුවූ ගස් කඩා වැටීම් හේතුවෙන් විදුලි පාරිභෝගිකයින් 150,000කට විදුලි බලය ඇන හිට ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ද සඳහන් කරයි.

    අද (16) දිනයේදීත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මේ අතර දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *