Headlines

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින්..


    ගෙවුණු දිනය (16) තුළ කොවිඩ් අසාදිතයින් 2,275 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    ඊයේ (16) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 438 ක් ලෙස දැක්වේ.

    ඉන් ආසාදිතයින් 56 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ මිරිහාන ප්‍රදේශයෙනි.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 410 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261 දෙනෙකු ද වාර්තා වේ.

    තව ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 241 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 21 ක් වාර්තා වී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, ඉමදූව, මුරුත්තගමමුල, අනුරාධපුර, මොරටුව, මීරිගම, ඉංගිරිය, බුලත්සිංහල, නෑබඩ, බඳුල්ල, ගෙලිඔය, යාපනය, හඳපාන්ගොඩ, හබරාඳූව, ඇඹිලිපිටිය, නාකියාදෙණිය, ගාල්ල (මරණ දෙකයි), කඩවත, හාලිඇල, මහයියාව, දකුණු කළුතර යන ප්‍රදේශවල පුද්ගයින්ය.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 962 ක් දක්වා ඉහළ ගියේ ය.

    මිය ගිය පිරිස අතරින්19 දෙනෙකුගේම මරණවලට කොවිඩ් නිව්මෝනියාව හේතු වී තිබේ.

    මේ අතර දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද (17) උදෑසන සිට හුදකලා කෙරුණු අතර දිස්ත්‍රික්ක 7ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලාබව ද ඉවත් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 142,746
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 118,322
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 23,462
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 962

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *