Headlines

    ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට දියරයක්..

    ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් විසින් කොරෝනා මර්දනය සඳහා දියරයක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මේ වන විටත් එම දියරය හදිසි භාවිතය සඳහා ඉන්දියානු සෞඛ්‍ය අංශවල අවසරය ලැබී ඇති බවයි.

    ඒ අනුව මෙම නව දියර ඖෂධ මාත්‍රා 10,000ක් මේ වනවිටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බව වාර්තා වේ.

    මෙම ඖෂධය හඳුන්වන්නේ ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් හෝ ටූ ඩී ජී ලෙස වන අතර මෙම ඖෂධය ග්ලුකෝස් භාවිත කරන ආකාරයට ජලයේ දිය කර පානය කිරීමට හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මෙලෙස මෙම ඖෂධය පානය කිරීම මඟින් කොරෝනා වෛරසය ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයින් විසින් පෙන්වා දෙනු ලබයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *