කිසියම් කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවල දත්ත මෙලෙස විකෘති කර ඇති බවයි.
මෙහි දී එම වෙබ් අඩවි 4 හි දත්ත සොරා ගැනීමක් සිදුව නැතත් දත්ත විකෘති කිරීමක් සිදුකර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදුලිබල මණ්ඩල වෙබ් අඩවි මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මීගස්මුල්ල මහතා සඳහන් කළේ ය.




