විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය මේ වසර දක්වා කල් දැමුණි.
මෙවර විශ්ව රූ රැජිණ අවසන් මහා තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේදීය.
ඒ අනුව විශ්ව රූ රැජිණ තරගයේ කිරුළ මෙක්සිකෝ රූ රැජිණ වූ ඇන්ඩ්‍රියා මේසා ජයග්‍රහණය කළේය.
ලොවපුරා රටවල් රැසක රූ රැජිණියන් 73 න් දෙනෙකු අභිබවමින් 26 හැවිරිදි මෙක්සිකොවේ ඇන්ඩ්‍රියා මේසා විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කළේය.
මෙවර විශ්ව රූ රැජිණ තරගය පැවැත්වුණේ 69 වන වරටය.
රූ රැජිණ තරගාවලියේ අනුශූරතාවය බ්‍රසීලයේ ජූලියා ගාමාට හිමි වූවාය.







