තිස් වසරක පුරා මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) වසර 12ක් සපිරෙයි.
“ශ්‍රී ලාංකීය ජනතාවට යහපත් හෙට දිනයක් උදා කරලීමේ උත්තරීතර කාර්යය වෙනුවෙන් දිවි පිදූ සහ තාරුණ්‍ය කැප කළ සියලුම විරෝධාර රණවිරුවන් හදවතින්ම අදවන් දිනක සිහිපත් කළ යුතුව තිබෙනවා,” – 12වන යුද සැමරුම පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එසේ සඳහන් කළේය.
එදා මෙදා තුර සිදුකළ ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්රහණයෙන් මුදාගැනීමේ ගෞරවය ද සමඟ 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් විරෝධාර රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වී මෙන් එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්විය.

එහි දී කුරිරු ත්‍රස්තවාද මෙරටින් ඉවත් කිරීමට නායකත්වය දුන් එවකට ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා ලෙසත්, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසත් වර්තමානයේ කටයුතු කිරීම ද විශේෂත්වයකි.

තව ද මෙම මානුෂීය මෙහෙයුමේ පෙරමුණේ සිටි යුද හමුදාවේ සේනාංකාධිපතිවරුන් වන ජෙනරාල් කමල් ගුණරත්න මහතා වත්මන් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා ලෙසත් කටයුතු කරනු ලබයි.
මේ අතර තිස් වසරක පුරා මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කිරීමේ දී විරෝධාර රණවිරුවන්ගේ ජීවිත රැසක් මාතෘ භුමියට අහිමි වූ අතර තවත් විශාල පිරිසක් ආබාධ තත්ත්වයට පත්ව සිටී.







