Headlines

    විනාඩි 25 ක් තුළ ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් – ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය සුන්වෙයි..

    ඊශ්‍රායල හමුදා විසින් විනාඩි 25 ක කාලයක් තුළ හමාස් සංවිධානයේ උමං සබඳතා ජාලය ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    2007දී හමාස් සංවිධානය ගාසා තීරයේ බලය අත්පත් කරගැනීමෙන් පසු මේ උමං මාර්ග නිර්මාණය කළේ, සටන්කාමීන්ට සැඟවීමට, ආයුද ජාවාරම් කිරීමට හා පැහැර ගැනීම් සිදු කිරීමට බව ඊශ්‍රායලය සඳහන් කරයි.

    ඒ අනුව 2017 දි ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ඇතිවූ ගැටුම්වලදී ඊශ්‍රායල හමුදා මෙම උමං මාර්ග හඳුනාගෙන තිබේ.

    මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට මියගොස් ඇති පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව 220 ක් පමණ වේ.

    මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ Covid -19 පරීක්ෂණ හා එන්නත්කරණ පර්යේෂණාගාරය විනාශ වී ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් Twitter පණිවුඩයක් මගින් දැනුම් දී ඇති බවයි.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගාසා තීරයේ ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් මේ වනවිට මුළුමනින්ම පාහේ අත්හිටුවා ඇති අතර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගරා වැටෙන පලස්තීනයේ කොරෝනා වසංගතය උත්සන්න වීමේ අවදානමක් පවතින බවය.

    ඒ හේතුවෙන් මේවන විටත් ගාසා තීරයේ 40,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

    මේ වන විට ඊශ්‍රාලය විසින් සිදු කරන ලද ප්‍රහාර වලින් ගාසාතීරයේ ළමුන් 61ක් මිය ගිය බවත්,  නිරායුද වැසියන් 212 මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    මේ අතර පලස්තීන විදේශ අමාත්‍ය රියාද් අල් මලිකි, යුද අපරාධ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර යුද අධිකරණයට ලිපියක් යොමු කර තිබේ.

    එහි සඏඳහන්ව ඇත්තේ, ඒ තම ජාතීන්ට එරෙහිව අඛණ්ඩව සිදුවන අපරාධ සම්බන්ධයෙන් වගවීමක් ඉල්ලමිනි.

    තව ද එහි මේ දක්වා සිදුව ඇති ජීවිත හා දේපළ හානි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ද පලස්තීන විදේශ අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර යුද අධිකරණයට යොමු කරනු ලැබ තිබේ.

    කෙසේ වෙතත් සටන් විරාමයකට අවතීර්ණ වන ලෙස ලෝක බලවතුන් ඉල්ලීම් කළ ද ,ඊශ්‍රායල හා පලස්තීන පාලකයන් මෙතෙක් ඊට සාධනීය ප්‍රතිචාර දක්වා නොමැති පසුබිමක අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලයට පූර්ණ සහය ලබා දෙන බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *