ගෙවුණු දිනය (19) තුළ කොවිඩ් අසාදිතයින් 3,623 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 32 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය.
ඊයේ (19) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 761 ක් ලෙස දැක්වේ.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 493 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්275 දෙනෙකු ද වාර්තා වේ.
තව ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 265 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 233 දෙනෙකු ඊයේ වාර්තා වී තිබිණ.
මේ අතර ඊයේ (19) දින දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම නව ආසාදිතයින් වාර්තා වී තිබුණු අතර දිස්ත්‍රික්ක 11ක දෛනික ආසාදිතයින් 100 ඉක්මවා ඇති අතර ඉන් දිස්ත්‍රික්ක 07ක ආසාදිතයින් 200 ඉක්මවා වාර්තා වී ඇති බව සඳහන් වේ.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 36 ක් වාර්තා වී ඇති අතර එය දිනක් තුළ මෙරටින් මියගිය වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 1051 ක් දක්වා ඉහළ ගියේ ය.
මිය ගිය පිරිස අතර රත්ගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක හා ගිංතොට ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද වේ.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 151,343
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 122,367
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 28,976
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 1051



