කොරෝනා මරණ 44ක් ඊයේ (21) දිනයේ මෙරටින් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබීය.
එලෙස මියගොස් ඇත්තේ, ඇටවීගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ, ගල්පාත, කුඩාවස්කඩුව, පිහිඹුව, අනුරාධපුරය, මන්නාරම, රත්ගම, ඉමදූව,මග්ගොන, මතුගම, වේයන්ගොඩ ,අතුරුගිය , සෙවනගල, මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර, පරගස්තොට, උතුරු කළුතර, වළල්ලාවිට, බේරුවල, පයාගල, කොළඹ 12, කොළඹ – 2,පොල්ගස්ඕවිට, ගාල්ල, නාක්කවත්ත, රාගම, පන්නිපිටිය, නාරංගොඩ, හෝමාගම, ගනේපොළ, ගොකරැල්ල, අලහිටියාව, හිඳගොල්ල සහ බණ්ඩාරකොස්වත්ත යන ප්‍රදේශ 42 දෙකක පුද්ගයින් 44 දෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ යනු ඇත.
මරණකරුවන් අතර වයස 71 ඉක්මවූවන්, 23 දෙනෙකු, අවුරුදු 61 – 70 ත් අතර 11 දෙනෙකු, අවුුරුදු 51- 60 ත් අතර 7 දෙනෙකු , වයස අවුරුදු 31 – 40 ත් අතර 2 දෙනෙකු සහ අවුරුදු 21 – 30 ත් අතර එක් අයෙකු ද වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.





