Headlines

    තමිල්නාඩුව තවත් සතියකට LOCKDOWN..

    ඉන්දියවේ තමිල්නාඩු ප්‍රාන්තය තවත් සතියක කාලයක් සඳහා එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ.

    ඒ අනුව මීට පෙර පනවා තිබූ Lockdown කාල සීමාව හෙටින් (24) අවසන් වීමට නියමිතව තිබුණි.

    තමිල්නාඩු ප්‍රාන්තයෙන් තවදුරටත් ඉහළ ආසාදිතයින් පිරිසක් හමුවීම හේතුවෙන් ප්‍රාන්ත වැසියන් තවත් සතියක කාලයක් සඳහා නිවෙස් තුළටම සීමා කර තැබීමේ මෙම තීරණය ගත් බව ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරයි.

    ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ, තවත් සතියක කාලයක් සඳහා වන ප්‍රාන්තය වසා දැමීමේ තීරණය අද (23) සිට බලාත්මක කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇති බවයි.

    මේ අතර ඊයේ (21) තමිල්නාඩුවෙන් නව කොරෝනා රෝගීන් 36,184 දෙනෙකු වාර්තා වී ඇති අතර පසුගිය පැය 24 තුළ මරණ 467 ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේ වෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ සුපුරුදුපරිදි සෞඛය, අත්‍යාවශ්‍ය ආහාර සැපයීම වැනි කාර්යයන්හි නිරත පුද්ගලයින්ට සිය කටයුතු බාධාවකින් තොරව සිදු කර ගෙන යාමේ අවස්ථාව හිමිව ඇති අතර නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස බැංකු සහ අනෙකුත් පෞද්ගලික ආයතන වෙත දැනුම් දී තිබේ.

    මීට අමතරව ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තය ලබන ජුනි 7 වනදා දක්වා ද , කේරළය එළඹෙන 30 වනදා දක්වා ද වසා දැමීමේ කාලය දීර්ඝ කිරීමට පසුගිය 21 වන දා තීරණය කර ඇත.

    මේ වනවිට B.1.617.2 කොවිඩ් වෛරස ප්‍රභේදය ආක්‍රමණශීලිව ව්‍යාප්ත වෙමින් ඉන්දියාවේ තරුණ ප්‍රජාවද ගොදුරු බවට පත් කර ගනිමින් පවතින අතර වෛරසය ආසාදනය වී ඇති සමස්ත ඉන්දීයානුවන් සංඛ්‍යාව දෙකෝටි හැටතුන් ලක්ෂයකට ආසන්න වෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *