මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් 2,584 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කරයි.
ඒ අනුව මෙම වසරේ වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 795ක් ඉකුත් මාර්තු මාසයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, අප්‍රේල් මාසයේදී 704 දෙනෙකු ද ජනවාරි මාසයේදී මී උණ රෝගින් 496 දෙනෙකු ද වාර්තා වී ඇති බවයි.
වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ, රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් වාර්තාවන මී උණ රෝගීන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව රත්නපුරයෙන් 383 ක්, ගාල්ලෙන් 334 ක් සහ කළුතරින් මී උණ රෝගින් 258 දෙනෙකු වාර්තාවී ඇති බව එම ඒකකය සඳහන් කළේය.




