අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 03 සීමාව අද (24) දිනයේ දී ඉක්මවා ගියේය.
ඒ ගත වූ පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 4,452 ක් වාර්තා වීමත් සමගයි.
ඊයේ දිනයේ ඉන්දියවෙන් නව කොරෝනා ආසාදිතයින් 222,835ක් වාර්තා වූ අතර මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 303,751 කි.
මේ වන විටත් අසල්වැසි ඉන්දියාව ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වන රටවල් ලැයිස්තුවේ ඉන්දියාව තුන්වැනි ස්ථානයේ රැඳී සිටින අතර එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි හැට හත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වන රටවල් ලැයිස්තුවේ තවමත් ඉදිරියෙන් සිටින්නේ අමෙරිකාව හා බ්‍රසීලයයි.