ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.
සමස්ත බෞද්ධ සැදැහැවතුන්ගේ වටිනාම පුණ්‍ය උත්සවය වන මෙය, බෞද්ධ ජනතාව විසින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් වෙසක් පොහොය සැමරීම සිදුකරනු ලබයි.
ලොව පුරා බෞද්ධ ජනතාවට පවතින ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස් තුළම රැඳී සිටිමින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සිදුව ඇත.
එහි දී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, බෞද්ධ වත්පිළිවෙත්වලට මූලිකත්වය ලබාදෙමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මෙවර වෙසක් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙසයි.
මේ අතර වෙසක් දින පණිවුඩයක් නිකුත් කරන අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරන්නේ, උතුම් වූ බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ ආගමික ශිෂ්ඨාචාරයට පරම නිදසුනක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බවත්, වෙනදාටත් වඩා මේ වනවිට කිතුනු බොදු සහෝදරත්වය තුළින් සමාජ ආගමික පැවැත්ම ශක්තිමත් කිරීමේ වගකීමක් පවතින බවයි.
තව ද උතුම් තෙමඟුල උත්කර්ශවත්ව සැමරීමට නොහැකි වුවත්, එහි දහම් පණිවුඩය ගැඹුරින් ජීවත් කරවීමට මෙය මහඟු අවස්ථාවක් බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ මෙන්ම මෙවර ද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් සාමූහික පිංකම්වල නියැලීමට ඇති අවස්ථාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බැවින්, උතුම් තෙමඟුල සිහිකිරීමට තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ යෙදීමට එය බාධාවක් නොකරගත යුතු බවයි.