මේ වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද(26) මෙරට ජනතාවට දිසවෙනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.
ඒ, ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙසය.
ජයරත්න මහතා සඳහන් කළේ, අද (26) පස්වරු 06.23 සිට පස්වරු 7.20 දක්වා සඳෙහි කොටසක පමණක් දීප්තිය තරමක් අඩු වී ඡායා චන්ද්‍රග්‍රහණය මෙරට ජනතාවට දිස්වනු ඇති බවයි.
එහි දී චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාවේ දී චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටන බැවින් පූර්ණ ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවන බව ඒ මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් අද (26) පස්වරු 2.17 සිට පස්වරු 7.20 දක්වා ලොවපුරා රටවල් රැසකට මෙය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.