Headlines

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි..

    දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

    මේ අතර දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 30 – 40 ත් දක්වා වැඩි විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්, සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *