ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා මාරයාගෙන් බේරීමට ලෝකවාසී ජනතාව විවිධ උත්සාහයන් ගනිමින් සිටින වටපිටාවක් තුළ පසුගිය දා කොරෝනා මරණ ලක්ෂ 3 ඉක්මවූ එමෙන්ම ලොව දෙවන තැනට ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අදටත් මිනිස් ජීවිත කොරෝනා මාරයාට බිලි වන ඉන්දියවෙන් පනවා ඇති නීති රීති පවා නොතකමින් සැමරූ මංගල උත්සවයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
තමිල්නාඩු උඩු ගුවනේ පැවති මෙම විවාහ මංගල්‍යයේ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වී වීමත් සමග එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වන්නට වුණි.
එම විවාහ මංගල්‍යයට සහභාගි වූ මානල යුවළ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සීමා කිරීම්වලින් මිදීම සඳහා ජෙට් යානායක් කුලී පදනම මත මිලදී ගෙන සිය නෑදෑ හිතවතුන් ද රැස් කරවා ගෙන විවාහ මංගල්‍ය සමරන ආකාරය එම දර්ශනවල දැක ගත හැකි අතර අදාළ දර්ශනවලට සහභාගී වී සිටින පිරිස් මුව ආවරණ පැළඳීමක්, දුරස්ථභාවය පවත්වා ගැනීමක් වැනි කොරෝනා ආසාදනයෙන් වැළකීමට අවශ්‍ය කිසිදු සම්මතයන් කිසිවක් අනුගමනය කර ඇති බවක් පෙනේනනට නොමැත.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මේ වනවිට පනවා ඇති කොවිඩ් නීතිවලට අනුව විවාහ මංගල්‍යක් සඳහා සහභාගී විය හැක්කේ 50 දෙනෙකු පමණක් වුව ද මෙම උත්සවය සඳහා 150කට අධික පිරිසක් සහභාගී වී සිට ඇති බවට වාර්තා වේ.


මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් සේවා අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ ජෙට් ලයානය අයත් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, විවාහ මංගල්‍යකින් පසු මුදුරෙයි සිට බැංගලෝරය දක්වා ගමන් කිරීමට යැයි පවසා අදාළ සේවාදායකයා මෙම බෝයින් 737 යානය වෙන්කරවා ගෙන ඇති බවත් සිය සේවාදායකයාට පැහැදිලිවම කොවිඩ් මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කළ බවත් යානය තුළ කිසිදු ක්‍රියාකාරකමක් සිදු කිරීමට අවසර නොමැති බව පැහැදිලිව පවසා තිබූ බවත් ය.




