සියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක් රැගත් යානය ඊයේ (27) රාත්‍රී දිවයිනට පැමිණී බව වාර්තා වේ.
ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 2528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙනි.
රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, එලෙස රැගෙන ආ එන්නත් තොගය පසුව ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ මගින් කොළඹ පිහිටි එහි ප්‍රධාන ගබඩා සංකිීරණය වෙත රැගෙන ගිය බවයි.




