දිවයිනපුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 7 වනදා අලුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව පෙර දැනුම් දුන් පරිදි මැයි 31 සහ ජුනි 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකරන බව යුද හමුදාපතිවරයා පැවසුවේය.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ, සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ භාණ්ඩ බෙදාහැරීම ජංගම වෙළඳුන් හරහා ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවයි.




