Headlines

    නව දෙමුහුන් COVID ප්‍රභේදයක්..

    වියට්නාමයෙන් නව දෙමුහුන් කොරෝනා ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය ගුයින් තන් ලොන්ග් සඳහන් කළේය.

    අමාත්‍ය ගුයින් තන් ලොන්ග් ප්‍රකාශ කළේ, එය ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු වෛරස් ප්‍රභේදවල එකතුවකින් නිර්මාණය වූ නව වෛරස් ප්‍රභේදයක් බවයි.

    මෙම වෛරස් කාණ්ඩය ඉතා භයානක අතර වාතයෙන් ව්‍යාප්ත විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    වියට්නාම සෞඛ්‍ය අමාත්‍යවරයා අනතුරු අඟවමින් සඳහන් කරන්නේ, මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය පෙර පැවති ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වනු ඇති බව පරීක්ෂණ මඟින් තහවුරු කර ඇති බවයි.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ලොව පළමු වරට කොරෝනා ආසාදිතයෙකු හඳුනාගත් දා පටන් මේ දක්වා විකෘති ප්‍රභේද විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය.

    මේ වන විට ලොව පුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 170,628,000 ටඅධික වන අතර ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,548,000 ට වැඩි අගයකි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *