ගෙවුණු දිනය (30) තුළ කොවිඩ් අසාදිතයින් 2,859 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය.
ඊයේ (30) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 608 ක් ලෙස දැක්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 547 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 447 දෙනෙකු ද වාර්තා වේ.
තව ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් 143 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 136 දෙනෙකු ඊයේ වාර්තා වී තිබිණ.
ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන තිබේ.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 36 ක් වාර්තා වී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, හැටන්, කඳුරුවෙළ, ගාල්ල (මරණ 2යි) , හොරණ, මතුගම,ගලගෙදර, කළුතර (මරණ 4), අනුරාධපුර, හෙට්ටිපොළ, බද්දේගම, උඩලන්ද, වේයන්ගොඩ, කොළඹ – 6, යපනය, මතුගම, මහනුවර, ගෝනමුල්ල, මග්ගොන, රාජගිරිය, ගිරාදුරුකෝට්ටේ, බදුල්ල, කට්ටුව, මහනුවර, බත්තරමුල්ල, ගලෙන්බිදුණුවැව, මරදන්කඩවල, බලංගොඩ, රත්නපුර (මරණ 2යි), කහවත්ත, වටපොළ සහ කුරුවිට යන ප්‍රදේශ වල පුද්ගයින් වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 1,441 ක් දක්වා ඉහළ ගියේ ය.
කෙසේ වෙතත් වාර්තා වූ මරණ අතරින් ඊයේ දිනයේ (30) සිදුව ඇත්තේ, මරණ 7 ක් පමණි.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 183,425
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 149,825
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 32,186
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 1,441


