රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව හෙට (02) සිට බෙදා දෙන බව කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (01) පැවති කැබිනටි තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඒ අනුව රජයේ විවිධ දීමනා ලබන අඩු ආදායම්ලාභී පවුල්වලට සේම පවතින සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපායන් පවත්වාගෙන යා නොහැකි පවුල් වෙත මෙම දීමනාව හිමිවනු ඇත.
මේ වෙනුවෙන් රජය රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් වැය කිරීමට ඇස්තමේන්තු ගතකර තිබෙන අතර දැනට රජයේ කුමන හෝ සහනාධාර වැඩසටහනක් යටතේ ප්‍රතිලාභ ලබාගන්නා පවුලකට ඔවුන් දැනට ලබාගන්නා දීමනාව රුපියල් 5,000ට අඩු නම් අදාළ හිඟ මුදල මේ යටතේ ලබාදෙනු ලැබේ.
එහි දී පවුලක් වෙනුවෙන් එක් දීමනාවක් පමණක් හිමිවන අතර සෑම මසකම 7 වනදා ගෙවනු ලබන සමෘද්ධි දීමනාව අදාළ හිග මුදලත් සමග ලබාදීම හෙට සිට ආරම්භ කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.