Headlines

    ව්‍යාපාර හා පුද්ගලයින්ට සහන ණය යෝජනා ක්‍රමයක්..

    කොවිඩ් – 19 හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් වෙනුවෙන් සහන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව සෙසු බැංකුවලට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

    එහි දී මහ බැංකුව දැනුම් දී ඇත්තේ, රැකියා අහිමි වීම, ආදායම් මාර්ග අහිමි වීම, වැටුප් හෝ විකුණුම අඩු වීම, ව්‍යාපාර වසා දැමීමේ ජන දුෂ්කරතා සැලකිල්ලට ගෙන ණය පහසුකම්වල මුදල හෝ ණය පොලිය කොටස් දෙකම අයකර ගැනීම අගෝස්තු 31 වැනි දා දක්වා කල් දැමීමටය.

    මහ බැංකුව නිවේදනය කළේ, මෙම ණය සහන ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට ජුනි 21 වැනිදා හෝ ඊට පෙර ලිඛිතව හා විද්‍යුත් තැපැල් මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතු අතර පමා වී එන ඉල්ලීම් භාර ගන්නේ පිළිගත හැකි හේතුවක් මත පමණක් බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *