දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇඳහැළුනු අතර ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි අගය මිලිමීටර් 326.5ක් ලෙස සටහන් වී තිබූ බවයි.
තව ද පස්යාල, දන්සල් වත්ත ප්‍රදේශයට මිලිමීටර් 287ක්, හොරණට මිලිමීටර් 244.5ක් ලෙස සටහන්ව තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර අද (03) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි අතර වයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ඉදිරි පැය කිහිපය තුළ ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින වර්ෂාව නිසා අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
තව ද කළු ගගේ, ඉංගිරිය, හොරණ, මදුරාවල සහ මිල්ලනිය ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට විය හැකි බැවින් ඒ පිළිබඳ විමසිලිමත්වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනු ලබයි.
මේ අතර දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවුසවේය.
ඒ අනුව ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ ,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට එලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකත් කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.




