ඇමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 80ක් ගෝලීයව බෙදා හැරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකාව සතු අතිරික්ත එන්නත් මෙලෙස බෙදා හැරීමට සැලසුම් කර තිබෙන බවයි.
ඒ අනුව ෆයිසර් , බයෝටෙක්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20 ක් සහ ඇස්ට්‍රසෙනෙකා මාත්‍රා මිලියන 60ක් එලෙස බෙදා දීමට නියමිත බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සඳහන් කර ඇත්තේ, ත් මාත්‍රා බෙදා හැරීමට සැලසුම් කරන ආකාරය ඉදිරි සති දෙක තුළ නිවේදනය කරනු ඇති බවය.
කෙසේ වෙතත් එම එන්නත් මාත්‍රා මිලියන 80 රටවල්වලට සමානව බෙදාහැරීමට කටයුතු කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් බෙදාහරින බව සඳහන් ය.




