Headlines

    අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය..

    ලංකා සතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව හා පළාත් සභා යටතේ වන සියලුම සේවා සහ සෞඛ්‍ය සේවයට අදාල සියලු සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    එම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ වන අතර එම ගැසට් නිවේදන අනුව,  සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටුකරනු ලබන සියලුම සේවාවන් හා තවත් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

    මේ අතර දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා පැවසුවේ, ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි.

    එමෙන්ම දිවයිනේ පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳුන් සඳහා  අද සහ හෙට (04) යන දෙදින තුළ විවෘතව පවතින බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *