දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය අද (04) දිනය තුළ ද තවදුරටත් පවතිනු ඇතැයි, බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 150ට වැඩි තද වැසි ද මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි වැසි ද ඇති විය හැකි බව විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේ තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසය.
මේ අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු මුහුදු ප්රශදේවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව නිවේදනය කරයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැය. කි.මී. 30 -40 ක් පමණවන බවත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කි.මී. 50 -55 ත් දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තම්න්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.




