මුළු ලොවක් ආදරය කළ ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනය කරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මීට වසර 40 කට පෙර සැරසී සිටි ඇයගේ මංගල ඇඳුම කෙන්සිංටන් මාළිගයේදී මහජනතාවට ප්‍රදර්ශනය කරන බවයි.
මෙම මංගල ඇඳුම ඩයනා කුමරියට වයස අවුරුදු 60ක් සපිරීමට මාසයකට පෙර කේම්බ්‍රිජ් හා සසෙක්ස් ආධිපාදවරියන් විසින් කුලියට දී ඇති බව පසුගිය දා විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කළේය.
ඩේවිඩ් සහ එලිසබෙත් එමානුවෙල් විසින් 1981 වසරේ ජුලි මාසයේදී නිර්මාණය කර ඇති මෙම මංගල ගවුම අඩි 25 (මීටර් 7.6) කින් පමණ යුක්ත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම රාජකීය විලාසිතාව දැන් වනවිට මංගල ක්ෂෙත්‍රයේ ඉතාමත් ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව ඇති අතර 1980 දශකයේ මුල් භාගයේ විලාසිතාවන්ට අනුව එය පුම්බන ලද බාහු (Large Puffed) සහිත අත්වලින් සහ සමනල ගැට (Bows) සහිතව නිමකර ඇත.

ප්‍රදර්ශනයේ සංවිධායකයින් සඳහන් කර ඇත්තේ, විලියම් කුමරු සහ හැරී කුමරු ඔවුන්ගේ මංගල දිනයේ පිටව යන (Going – away dress) අවස්ථාව සැරසී සිටි ඇඳුම්ද ප්‍රදර්ශනයට තබා ඇති බවයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙම ප්‍රදර්ශනය 2022 ජනවාරි මුල දක්වා පැවැත්වෙන බවයි.




