දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ, ආපදා තත්ත්වයන් හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බවය.
පවතින මහ වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර මට්ටම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, ගංගා ඉහළ ධාරා ප්‍රදේශවලට අද (06) දිනයේ වැසි නොලැබුණ හොත් මෙම සුළු ගංවතුර මට්ටම හෙට (7) වන විට ක්‍රමයෙන් පහව යනු ඇති බවයි.
මේ අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල මුදුගමුව ප්‍රදේශය වාර්තාවී තිඇති අතර එහි අගය මිලිමීටර් 70 . 5 ක් බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ, පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බවයි.
මේ වන විටත් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 245,212කට පීඩාවට පත්ව සිටින අතර පවුල් 3520 ක පුද්ගලයින් 15,658ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළ සිටියි.
