Headlines

    නැවේ කළු පෙට්ටිය සොයා ගනී..

    පසුගිය 20 වන දා මෙරට මුහුදු සීමා වේ දී ගිනිබත් වූ මේ වනවිට මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් (M.V. X-Press Pearl) නෞකාවේ ‘කළු පෙට්ටිය’ නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී සොයාගෙන තිබේ.

    ඒ අනුව එය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාර දුන් බව  නාවික හමුදාව සඳහන් කළේය.

    මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කළු පෙට්ටිය, අධිකරණ නියෝගයකින් අනතුරුව ඉදිරි දින 02 තුළ විශ්ලේෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂවරයා වෙත භාර දෙන බව පොලීසිය සඳහන් කළේය.

    තව ද නෞකාවේ තිබූ ඉන්දනවල තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි, සමෘද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නෞකාව ගලවා ගැනීමේ සමාගමේ ප්‍රධාන කපිතාන්වරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    එහි අධිකාරිය සඳහන් කළේ, ගිලෙමින් ඇති නෞකාව නිසා තවදුරටත් සාගරයට, පරිසරයට හෝ වෙරළ තීරයට හානියක් නොවන ලෙසට කටයුතු කරන්නැයි ද දැනුම් දුන් බවයි.

    කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ දිවයිනේ විවිධ වෙරළ තීරවලට ගොඩ ගැසූ මිය ගිය කැස්බෑවන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විෂ රසායනිකික ද්‍රව්‍ය මුසුවීමෙන් මියගොස් ඇත්දැයි විමර්ශනය කරන බව, සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ඒ අනුව එම සත්ත්වයින්ගේ පටක කොටස් විමර්ශන සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යා අංශය වෙත යොමු ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

    මේ අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට ගොඩ ගැසු ඝණ අපද්‍රව්‍ය සහිත බහලුම් 40කට අධික සංඛ්‍යාවක් වත්තල ප්‍රදේශයේ ඇති අංගනයකට වැඩිදුර විමර්ශන සඳහා රැගෙන ගොස් ඇති බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *