Headlines

    අත්‍යාවශ්‍ය සේවා වාහනවලට අද (07) සිට අලුත් ස්ටිකරයක්..

    අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන රථවාහනවලට අද (07) උදෑසන විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    ඒ මහතා කියාසිටියේ, දිවයිනේ සංචරණ සීමා ක්‍රියාත්මක මුළු කාලය සඳහාම වලංගු වන ලෙස මෙම විශේෂ ස්ටිකරය හඳුන්වා දෙන බව ය.

    එහි දී,

    නව ක්‍රමවේදය යටතේ ස්ටිකර් වර්ග 11 ක් හඳුන්වා දෙනු ලබන අතර අදාළ ස්ටිකරයේ ඇලවීමට පෙර අදාළ වාහනයේ ගමන් කරන සංඛ්‍යාව සටහන් කරනු ලබයි.

    ස්ටිකරය ලබා දෙන්නේ, වාහනයේ ගමන් කරන සේවකයින්ගේ ජාතික හැඳුනුම්පත, සේවා හැඳුනුම්පත සහ ආයතනය විසින් නිකුත් කරන ලද ලිපිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වන අතර මගීන් සංඛ්‍යාව සටහන් කළ ස්ටිකරය ඇලවීමෙන් පසු එම වාහනයේ ඊට වැඩි පිරිසක් ගමන් කළ නොහැකිය.

    ස්ටිකරය ලබා දෙන්නේ, වාහනයේ ගමන් කරන සේවකයින්ගේ ජාතික හැඳුනුම්පත, සේවා හැඳුනුම්පත සහ ආයතනය විසින් නිකුත් කරන ලද ලිපිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වන අතර විශේෂිත ප්‍රවාහන සේවා සහිත ආයතනවලට ඒ පිළිබඳව සටහන් කර ගැනීමෙන් අනතුරුව ස්ටිකරය නිකුත් කරනු ලැබේ.

    ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස්වලට සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

    ඔහු සඳහන් කළේ, අද (07) දිනයේ පළමු වරට මෙය හඳුන්වා දෙන බැවින් උදෑසන කොළඹට ඇතුළුවන වන ප්‍රදේශවලදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත්, අත්‍යාවශ්‍ය සේවා සඳහා ස්ටිකරය ඇලවීමෙන් පසු අදාළ රථ වාහන වෙනත් කටයුතු සඳහා යොදා ගතහොත් හෝ වෙනත් හැඳුනුම්පත් සහිත පිරිස් ඒවායේ ගමන් කළ හොත් එවැනි රථ වාහන පොලිස් භාරයට ගෙන නිරෝධායන නීතින්ට කටයුතු කරන බවත් ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *