දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටින අතර විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි.
ඒ අනුව මේ වනවිටත් පුද්ගලයින් 2,689 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවත්, තවත් පුද්ගලයින් 4741 දෙනෙක් සිය ඥාති නිවෙස්වල නවාතැන් ගෙන සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවුසවේය.
මේ අතර අද (09) දින දිවයිනේ සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 50 -60 දක්වා වැඩිවිය හැකි බවය.




