හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ ටික්ටොක් (TikTok) භාවිතය තහනම් කරමින් නිකුත් කළ විධායක නියෝගය, වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ට්‍රම්ප් විසින් චීනයේ නිෂ්පාදිත ටික්ටොක් යෙදවුම භාවිතය අවලංගු කරනු ලැබුවේ 2020 වසරේදී වන අතර එම නීතිය, පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට ලක් විය.
මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් අවාසි සහගත තීන්දු වෙනස් කිරීමට ජෝ බයිඩ්න් ඉදිරියටත් කටයුතු කරනු ඇති බවයි.