Headlines

    නිවුන් දරුවන් 10ක් බිහිකළ කාන්තාවක්..

    දකුණු අප්‍රිකානු මවක් වන , ගොසිආමේ තමාරා සිතොලේ නිවුන් දරුවන් 10 දෙනෙක් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

    ඇගේ සැමියා පැවසුවේ පසුගිය මස ඔවුන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී දරුවන් 8 දෙනෙක් පමණක් පෙන්නුම් කළ ඇති බවත් පසුව දරුවන් දස දෙනෙකු ලැබුණු බවත්ය.

    ඒ අනුව මෙය ගිනස් ලෝක වාර්තාවක් විය හැකි බව සඳහන් වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇගේ දෙවන දරු උපත මෙය වන අතර පළමු දරු උපතේ දී ද ඇයට නිවුන් දරුවන් දෙදෙනෙක් බිහිකර ඇති බවයි.

    කෙසේ වෙතත් පසුගිය මැයි මාසයේදී ද, 25 හැවිරිදි මොරොක්කෝ ජාතික කාන්තාවක් නිවුන් දරුවන් 9 දෙනෙක් බිහිකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *