Headlines

    සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ..

    දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.

    කෙසේ වෙතත් සංචරණ සීමා දිර්ඝ කෙරුණ ද ඇගළුම් වැනි කර්මාන්ත , ඉදිකිරීම් ව්‍යාපෘති හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකි අතරම කෘෂිකර්මාන්තයට අදාළ කටයුතුත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය නිර්දේශ යටතේ අවසර හිමිවේ.

    යුද හමුදාපතිවරයා සඳහන් කළේ, බැංකු කටයුතු සහ ආර්ථික මධ්‍යස්ථාන ද දැනුම් දෙන දිනවල විවෘත කළ හැකි බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *