Headlines

    ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි..

    දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද(12) සහ හෙට(13) විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    ඒ අනුව සෞඛ්‍ය මාර්ගොපදේශ යටත් ව දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන, වේයන්ගොඩ, වැලිසර සහ නාවලපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙනු ඇත.

    එහි දී තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    කෙසේ නමුත් සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම් සඳහා පමණක් විවෘතව තැබුණ ද අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල යෙදී සිටින නිලධාරීන්ට සහ ජංගම අලෙවි රථ සඳහා ද සිය අවසර පත්‍රය ඉදිරිපත් කර ආර්ථික මධ්‍යස්ථානවලින් භාණ්ඩ මිලදි ගැනීමේ හැකියාව පවතින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර දිවයිනට පනවා ඇති සංචරණ සීමා ඉවත් කරන බවට නිල වශයෙන් එම අමාත්‍යාංශයට දැනුවත් කිරීමෙන් පසුව දිනපතා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බව ද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *