Headlines

    රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර..

    මෙරට රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මෙම ව්‍යාපෘතිය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1300ක් බවයි.

    ඒ අනුව එය ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ එය ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

     සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙරට කොරෝනා ආසාදිතයින් ඉහළයාම හමුවේ ඔවුන්ට ඔක්සිජන් සැපයීම කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති අතර ඔක්සිජන් සිලින්ඩර් ප්‍රවාහනය වෙනුවට දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල රෝහල් කේන්ද්‍ර කර ගනිමින් ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීම වඩාත් ඵලදායී බව පෙනී ගොස් ඇති බවයි.

    ඒ අනුව තෙල්දෙණිය, රිකිල්ලගස්කඩ, හම්බන්තොට, බදුල්ල, පුත්තලම , කුරුණෑගල ඇතුළු බස්නාහිර පළාතින් පිටත රෝහල්වල මෙම ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකරන බව ඔහු ප්‍රකාශ කළේය.

    තව ද එම රෝහල්වල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර දීමේ ඒකක පුළුල් කරන බව ද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *