Headlines

    ජී – 7 නායකයින් චීනයට එරෙහිව සන්ධානගත වෙයි..

    චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්‍ර වීම හමුවේ ජී – 7 සමුළුවේ නායකයින් චීනයට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමට සන්ධානගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ලෝකයේ ධනවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ව සිදු කරන ජී – 7 සමුළුවෙහි දෙවන දිනයට එක්වෙමින් අමෙරිකානු ජනපති මේ බව ප්‍රකාශ කර ඇත.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ,  සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් චීනය සිදුකරන බලපෑම් හේතුවෙන්, ලොව අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී සහය දැක්වීමට සැලසුමක් සකස් කිරීම සඳහා ජී 7 නායකයින් අපේක්ෂා කරන බවය.

    මේ අතර අමෙරිකාව දිගින් දිගට ම චෝදනා කළේ, චීනය ෂින්ජියෑන් පළාතේ කම්කරු ශ්‍රමය සූරාකමින් මානව හිමිකම් උල්ලංඝණය කරන බවටය.

    ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවල චීනයට සංචරණ සීමා ඇතුළු සම්බාධක පැනවීමටත් අමෙරිකාව, යුරෝපා සංගමය, කැනඩාව සහ එක්සත් රාජධානිය පියවර ගෙන තිබිණ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සමුළුවේදී අමෙරිකාව, චීනයේ ණය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත විවේචනය කර ඇති බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *