දිවයින පුරා සංචරණ සීමා පවතින කාලයේදී, සියළු ආර්ථික මධ්‍යස්ථාන සතියේ දින 02ක් විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
එහි දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආර්ථික මධ්‍යස්ථාන කටයුතු පවත්වාගෙන යෑම අනිවාර්ය බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
මේ අතර දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතව පවතින අතර ඒ දෙවන දිනයේ තොග වෙළෙඳාම් කටයුතු වෙනුවෙනි.
මෙහි දී දඹුල්ල, තඹුත්තතේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන, වේයන්ගොඩ, වැලිසර සහ නාවලපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන අද (13) දින සෞඛ්‍ය මාර්ගොපදේශ යටතේ විවෘතව තැබේ.
කෙසේ නමුත් තොග වෙළෙඳම් සඳහා පමණක් විවෘතව තැබුණ ද අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල යෙදි සිටින නිලධාරීන්ට සහ ජංගම අලෙවි රථ සඳහා ද සිය අවසර පත්‍රය ඉදිරිපත් කර ආර්ථික මධ්‍යස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතින බව, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.