Headlines

    ගිනි ගත් නැව: කපිතාන් CID අත්අඩංගුවට..

    පසුගිය 20 වෙනිදා මෙරට මුහුදේ දී ගිනිගත් MV X-Press Pearl නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කළේය.

    එහි දී රුසියානු ජාතිකයෙකු වන සැකකාර කපිතාන්වරයා අද (14) පස්වරුවේ කොළඹ මහාධිකරණ අංක 01 වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නෞකාවේ කපිතාන්වරයා රුපියල් ලක්ෂ 20ක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද (14) නියෝග කළේ ය.

    කෙසේ වෙතත් විත්තිකාර රුසියානු ජාතික කපිතාන්වරයාට විදේශගතවීම වළක්වමින්, විත්තිකරුගේ විදේශගමන් බලපත්‍රය අධිකරණ භාරයට පත්කරන ලෙස, මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, නඩුව ලබන 01 වනදා යළි කැඳවීමට නියමිත බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *