Headlines

    ප්‍රදේශ රැසකට තද වැසි..

    දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    ඒ අනුව එම පාළාතේ ඇතැම් ප්‍රදේශවල මි.මී. 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ අතර අද (15) දිනයේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලටත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මි (30 -40) පමණ වන අතර විටින් විට පැ.කි.මි. 50 දක්වා වැඩි විය හැකි බව කාළගුණ අනාවැකියේ සඳහන් වේ.

     කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ජනතාවට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *